රටේ නවතම තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්..
මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටින්නේ,මෙම මාසය තුළ චීනයේ මුල්‍ය සහතිකයක් ලැබෙන්නේ නම් ජනවාරි මාසයේදී IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි බවයි.
රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
"මීළඟ වැදගත් පියවර වන්නේ අපේ ද්විපාර්ශ්වික ණය හිමියන් මුල්‍ය සහතියක් ලබාදීම සඳහා එකඟකරවා ගැනීමයි. එයයි අපි සිදුකරමින් සිටින්නේ. මම හිතන්නේ අප එහිදී හොඳ ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම පැරිස් සමාජය සහ ඉන්දියාව අපට මෙහිදී සහාය වෙනවා.
ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි චීනය සමග සාකච්ඡා ආරම්භ කෙරුණේ මදක් ප්‍රමාදවෙලා. කලින් අපේ ඉලක්කය වී තිබුණේ මූල්‍ය සහතිකය නොවැම්බර්යේදී ලබාගන්න. ඒ අනුව මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බරයේ ලබාගන්න අප ඉලක්ක කරගෙන තිබුණා."
"එය මේ අවස්ථාවේදී සිදුවෙන්නේ නැහැ. ඒ චීනය සමග ඇතිවූ යම් ප්‍රමාදයක් නිසා. දැන් අපි අවධානය යොමුකරන්නේ ලබන ජනවාරියේ මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නයි. මේ මාසය තුළ චීනයේ මුල්‍ය සහතිකයක් ලැබෙනවා නම් අපට එය සිදුකළ හැකියි. අපට විශ්වාසයි මේ තත්ත්වය කළමනාකරණය කළ හැකි බවට."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |