මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..ඉදිරි මැතිවරණයක් ගැනත් කියයි..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lankan Peoples
By Aruna Dec 16, 2023 02:33 AM GMT
Report

ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අධිපතිවරයා පවසන්නේ, එම අවස්ථාවේ සිදු කළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවයි.

කෙසේවෙතත්, රට ආර්ථික අර්බුදයට ලක්වූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවදුරටත් තීව්‍ර වන බවයි, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ.

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..ඉදිරි මැතිවරණයක් ගැනත් කියයි.. | Nandalal Weerasinghe Spacial Announcement

මේ අතර,මහබැංකු අධිපතිවරයා අදහස් පළ කරමින් වැඩිදුරටත් පවසා සිටියේ, ඉදිරි මැතිවරණයේ දී ජය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවක් මෙම වැඩපිළිවළ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවයි.