ලබන ජනවාරි ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Aruna Dec 08, 2022 06:21 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාලව චීනය සමඟ සාකච්ඡා පැවැත්වීම ප්‍රමාද වූ නිසා මූල්‍ය අරමුදලේ අනුමැතිය දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නොහැකි වන බව ද අධිපතිවරයා පැවසීය.

ණය හිමියන්ගෙන් මුල්‍ය සහතික ලබා ගැනීමට ඔවුන් සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක බවද පවතින තත්වය කළමනාකරණ ගැනීමට හැකිවනු ඇතැයිද අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

ණය හිමියන්ගෙ මුල්‍ය සහතික ලැබෙන්නේ නම් ජනවාරි මාසයේදී මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා ගත හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියා.

ඒ මහතා මේ බව කියා සිටියේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සමුළුවක් කොළඹ දී අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now