රටේ දැන් තත්ත්වය ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Aruna Nov 21, 2022 12:29 AM GMT
Report

ආර්ථිකය ගොඩගැනීමට නම් අසීරු තීරණ ගත යුතු බව මහ බැංකු අධිපතිවරයා යළි අවධාරණය කරනවා.

මේවනවිට රට මුහුණ පා සිටින අසීරු ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අමාරු තීරණ ගත යුතුව ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එලෙස ගනු ලබන තීරණ ජනප්‍රිය තීරණ නොවන බැවින් එම තීරණවලින් යම් කොටසක් පීඩාවට පත්විය හැකි බවයි මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

රටක ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දක්ෂ සහ සුදුසුකම් ඇති පුද්ගලයින් එම තනතුරුවල දීර්ඝ කාලයක් කටයුතු කරන්නේ නම් රට මෙම තත්ත්වයට පත් නොවනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

යම් ආකාරයක ප්‍රතිපත්ති හා තීරණ ගන්න අයට. ඒ නිසා තමා මං බලාපොරොත්තු වෙන්නේ එහෙම ක්‍රමවේදයක් තුළ දී ජනතාව තේරුම් ගන්න ඕනේ. කෙටි කාලීනව අමාරුකම් තිබුණත්.

කරන්නේ අමාරු දේවල් වුණත් ඒවා කළ යුතු දේවල්. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් ගොඩ ඇවිල්ලා යම් ආකාරයකට රට යථාතත්ත්වයට ස්ථාවර කරලා පසුව රටේ හැමෝටම යම්කිසි මීට වඩා යහපත් අවස්ථාවක් ලබාගන්න පුළුවන්." 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now