පැවති ආණ්ඩු ගැන මහබැංකු අධිපති කියන දේ..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe
By krishani Nov 23, 2022 03:24 AM GMT
Report

දශක ගණනාවක් රට පාලනය කළ ආණ්ඩුවල ක්‍රියාකලාපය හේතුවෙන් ආර්ථික අර්බුදය හටගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පැවති ආණ්ඩු බොහොමයක් විසින් ඉහළ අයවැය පරතරයක් මත රට පාලනය කර ඇති බවත් එය පියවා ගැනීම සඳහා විශාල වශයෙන් ණය ගැනීම තුළ එය රටට කළමනාකරණය කරගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පවසයි.

මේ හේතුවෙන් හටගෙන ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ දී දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුව ඇති බව සහ එහි ප්‍රතිඵල ලෙස පොලී අනුපාතය ඉහළ දැමීම ආදී තීරණ ක්‍රියාත්මක කිරීමට සිදුවන අතර එය සෘජු ලෙස පැනවීම සිදුවන්නේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ආණ්ඩුවලට නොව රටේ ජනතාවට බව ඔහු පෙන්වා දෙයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join