නාමල් ඇමති ධූරයක් භාර ගනීද?..මැතිවරණය ගැනත් ඉඟියක්..
Election Commission of Sri Lanka
Parliament of Sri Lanka
Namal Rajapaksa
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
By Aruna
පරිපාලනය විසින් ගනු ලබන ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ තමන් අනුමත නොකරන බැවින් වත්මන් රජය යටතේ අමාත්‍ය ධුරයක් භාර ගැනීමට තමන් කැමැත්තක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ප්‍රධාන පුවත් පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, එවැනි තත්ත්වයක් යටතේ තමන්ට අමාත්‍ය ධුරයක් භාරගත නොහැකි බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දෙන්නේ කාටද යන්න මැතිවරණය ආසන්නයේදීම ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
මීට වසරකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ධූරයට පත් වීම අනපේක්ෂිත ලෙස සිදුවූයේ කෙසේදැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එය සිදුවී ඇති බවත් ඉදිරියේදී ඕනෑම දෙයක් කළ හැකි බවත් පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |