අගමැතිගේ ගිණුමකින් මුදල් සොරකම ගැන නාමල් ගෙන් අමුතුම හෙළිදරව්වක්.

Mahinda Rajapakshe Namal Rajapakshe Bank account Uditha lokubandara
By Aruna Jan 30, 2022 11:23 PM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් මුදල් සොරකම් කිරීමක් සිදුව නැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

නමුත් අන්තර්ජාල වෙබ් අඩවි එවැන්නක් වාර්තා කරන බවත් ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු නැති බවත් හෙතෙම සඳහන් කළා.

එවන් සොරකමක් සිදු වී ඇතැයි සඳහන් කරන්නේ ද වෙබ් අඩවි බවත් වෙබ් අඩවි සඳහන් කරන දේවලට පිළිතුරු දුන්නොත් හැමදාම එය සිදු කරන්නට වනු ඇතැයිද ඔහු පැවසීය.

උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now