මම මේක අත්හරින්න සුදානම්.. නාමල් රාජපක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..

Srilanka
By Sithumi Mar 26, 2022 06:09 PM GMT
Report

මම මේක අත්හරින්න සූදානම් - නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන අයුරින් අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට ඔවුන් ආදර්ශයක් සපයන්නේ නම් තමාද ආදර්ශයක් වෙමින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, "මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමති මණ්ඩලයත් අඩු කරන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය අස්කරගෙන මේක අඩුකරන තැනට ගෙනියන්න.

එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. පොහොට්ටුවෙන් ආදර්ශය මම දෙන්නම්."