රට ගොඩගන්න නාමල් අලුත්ම වැඩ පිළිවෙලක් සමග යළිත් පෙරට එයි..! කරන්න හදන අලුත්ම වැඩේ මෙන්න..

Parliament of Sri Lanka Namal Rajapaksa Sri Lanka Sri Lankan political crisis World Economic Crisis
By Sewvandhi Nov 11, 2022 09:27 AM GMT
Report

මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සදහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අනුකමිටුවක් පත්කිරීමට තීරණය කර තිබෙනවා. 

 කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10)රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යාංශ මෙන්ම එම අමාත්‍යාංශ යටතේ ඇති අනෙකුත් ආයතනවල නිලධාරීන් ද මෙම රැස්වීමට කැඳවා තිබූ අතර ආහාර සුරක්ෂිතතාවට අදාළ ඉලක්ක සපුරා ගැනීමට පවතින බාධා සහ ප්‍රතිපත්තීන් වෙනස් විය යුතු ආකාරය පිළිබඳව මූලික යෝජනා මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙම ආයතන වෙනම තම ඉලක්ක සපුරා ගැනීමට උත්සහ කිරීම වෙනුවට සියලු ආයතන සමග ඒකාබද්ධ ප්‍රවේශකට අවතීර්ණ වීමේ අවශ්‍යතාව කමිටු සභාපතිවරයා විසින් මෙහිදී අවධාරණය කළ බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අනුව කෘෂිකර්ම සහ ධීවර යන අමාත්‍යාංශවලට අමතරව වාරිමාර්ග අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු ආයතන සමග ඒකාබද්ධව මෙම ප්‍රතිපත්ති සැලසුම් කරන ලෙසද වැඩිදුරටත් කමිටුව උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර ව්‍යවසායකත්වය සහ ආයෝජන දිරිමත් කිරීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සම්බන්ධයෙන්ද විශේෂ සාකච්ඡාවක් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.

මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් මෙම අවස්ථාවට කැඳවා තිබූ බවයි පැවසෙන්නේ.

මෙම සියලු ආයතන ඒකාබද්ධව ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු ප්‍රතිපත්ති සම්පාදනය සදහා කමිටුවක් පත් කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

ව්‍යවසායකයා අගය කිරීමට ලක්වන සහ ව්‍යවසායකත්වය දිරිගන්වන සංස්කෘතියක් ඇති කිරීමේ අවශ්‍යතාව ඇතුළු මූලික කරුණු ගණනාවක් පිළිබදව මෙහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now