සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් ඇමැති නාමල්ගෙන් විශේෂ තීරණයක්..!
Politics
Facebook
Namal Rajapaksha
Power crisis
By Sewvandhi
ප්‍රවාහන හා විදුලි වියදම් මැඩලීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට කැඳවීමට තීරණය කර ඇත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව මෙම තීරණය සඳහා රාජ්‍ය පරිපාලන අංශයේ අනුමැතිය ලබාගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
එම ප්‍රකාශය පහතින්. "ප්‍රවාහන හා විදුලි වියදම් මැඩලීම සඳහා අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අංශයේ අනුමැතිය ලබා ගන්නා ලෙස මා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමා වෙත උපදෙස් ලබා දුන්නා. සෙසු සේවක මහත්ම මහත්මීන්ට නිවසේ සිට සිය රාජකාරී සිදු කිරීමට හැකියාව පවතිනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |