නිදහස ලැබූ ඝාතන නඩුවේ විත්තිකරු..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi May 26, 2023 11:05 AM GMT
Report

කොළඹ මහාධිකරණය විසින්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නාමල් ගුණවර්ධන ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබාසිටි විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස නියම කළේය.

එනම්, කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.ඒ අනුව සම්පත් තුෂාර නමැති විත්තිකරු මෙසේ නිදහස් කිරීමට නියෝග කෙරුණි.

2004 වසරේ ඔක්තෝබර් මස 11 වනදා කොල්ලූපිටියේදී නාමල් ගුණවර්ධන මහතා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව දුන් විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now