සහල් ගැන රජයෙන් විශේෂ තීරණයක් මෙන්න.

Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka Sri Lanka Food Crisis Nalin Fernando
By krishani Nov 21, 2023 01:39 AM GMT
Report

රට තුළ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය 

ඒ අනුව සහල් ආනයනය කිරීමේ කටයුතු ඊයේ (20) සිට ආරම්භ කර ඇත.

ඒ අනුව කීරි සම්බා සහ සම්බා සහල්වලට ආදේශක සහල් ආනයනය කිරීමට මෙන්ම තවදුරටත් උත්සව සමයේ සහල් අවශ්‍යතාව ඇති වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය වැඩිකිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම, රුපියල් 260ක පාලන මිලක පවතින කීරි සම්බා සහල් කිලෝවක් මේ වන විට රුපියල් 300ත් 310ත් අතර මිලක අළෙවි වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ප්‍රධාන සහල් ව්‍යාපාර ආයතන තුනක් මෙසේ විශාල වශයෙන් සහල් මිල ඉහළ දැමීමට මූලික කටයුතු කර ඇති බවත්, එම තත්ත්වය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්‍ෂණයක් පවත්වමින් සිටින බවත් එහි ප්‍රතිඵල ඉදිරි දින කීපයේදී නිකුත් කරන බවත් ය.