සැලකිලිමත්වන්න..! කවුරුත් පුදුම කරමින් පාන් රාත්තලක තිබී හමුවූ දේ..

Food Shortages Jaffna Sri Lanka
By Sithumi Oct 28, 2022 03:53 PM GMT
Report

 යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් මිලදී ගත් පාන්ගෙඩියක් තුළ යකඩ ඇණ 03 ක් හමුවී තිබේ. 

 පාරිභෝගිකයෙකු විසින් අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් පාන්ගොඩිය මිලදී ගෙන දරුවන්ට ආහාර ගැනීම සඳහා ලබාදී ඇති අතර එහිදී දරුවන් පාන් ගෙඩිය කඩන අවස්ථාවේදී එහි තුල තිබී යකඩ ඇණයක් මතු වී ඇත. 

 දරුවා විසින් දෙමාපියන්ට දැනුම් දී ඇති අතර, අනතුරුව දෙමාපියන් විසින් පාන්ගෙඩිය තවදුරටත් පරික්ෂා කිරීමේදී එහි තුල තිබී යකඩ ඇණ 03 ක් තිබී හමුවී ඇත.

පසුව පාරිභෝගික මහතා විසින් අදාල වෙළඳසැලටද දැනුම්දී පසුව ඊයේ (27) සවස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයටද පැමිණිලි කිරීමට පියවර ගනු ලැබීය.

පසුව අදාල පැමිණිල්ලට අනුව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් අදාල වෙළඳසැලට පාන් ලබාදෙන බේකරි නිශ්පාදකයාටද දැනුම් දී ඇත.

මේ වන විට පරික්ෂණයක් අරඹා ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල නිලධාරීන් දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now