කෝවිලක පූජාවකට කලින් සිදු වු අකරතැබ්බ - බැතිමතුන් බිය වී දුව ගිහින්..

Jaffna Sri Lanka
By krishani Jun 18, 2023 05:48 AM GMT
Report

යාපනයේ නාගදීපයේ පිහිටි ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිල තුළට විශාල නාගයින් තුන්දෙනෙකු පැමිණ තිබෙනවා. 

ඒ එහි වාර්ෂික මංගල්‍යට පැය කීපයකට පෙර ය.

එම විශාල නාගයින් තුන්දෙනාගේ පැමිණීමත් සමග එහි සිටි බැතිමතුන් බියට පත් වී ආරක්ෂිත ස්ථාන කරා දිව ගොස් ඇත.

එමෙන්ම එහි සිටි කෝවිලේ බාරකරුවන් විවිධ ස්ත්‍රෝත්‍ර කියමින් නාගයින් පලවා හැරීමට උත්සහ කර තිබෙනවා.

නමුත් කෝවිල පුරා ගිය නාගයින් අවසානයේ දී කෝවිලෙන් පිට වී ඇත.

කෙසේවෙතත් කෝවිලට නාගයින් පැමිණීම සම්බන්ධයෙන් කෝවිලේ පූජකවරු එම නාගයින්ගේ පැමිණීම ගැන විවිධ මත පල කර තිබෙනවා.