හරක් කටාට කෑම ලැබෙන සුපිරි වෙළදසැල.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
අද(19) අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලක් මගින් ලබාගැනීමට අවසර ලබා දී තිබේ.
කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.
ඒ අනුව සැකකාර හරක් කටාට ඔහු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම්කරන නිලධාරියෙකු හරහා අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලෙන් ලබාගැනීමට අවසර හිමිවනු ඇත.