"..අරගල කරන්න දගලන්න, මිනිස්සුන්ට පුළුවන් උනේ මහින්ද රාජපක්ෂට පින් සිදුවන්න." - මෛත්‍රී හිමි..

Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Rajapaksa Family
By Sewvandhi Nov 25, 2022 12:32 PM GMT
Report

ජනපති ප්‍රමුඛ ආණ්ඩුව රටේ ගොඩනැගෙන අනවශ්‍ය නැගීසිටීම් සහ අරගල මුවාවෙන් සිදුකරන නැගී සිටීම් නතර කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා තීරණ අගය කරන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් පවසනවා 

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, කොළඹ පැවති ඩී.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනයට එක්වෙමින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වුණා.

රටට ඉතා විශාල සේවයක් කළ රාජපක්ෂවරුන්ට හොරා යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සිදු කරන ප්‍රකාශයන් ඉතා ම ශෝචනීය බවත් උන් වහන්සේ පවසනවා.

අරගළ කරන්න දඟලන්න පවා මිනිසුන්ට අවස්ථාව ලැබුණේ පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂට පින් සිදුවන්නට බව යි උන් වහන්සේ අවධාරණය කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now