ප්‍රතම වතාවට ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ ඝාතන වාර්ථාවක් මුදාහරියි.

By Sithumi Dec 16, 2022 04:14 PM GMT
Sithumi

Sithumi

in ලෝකය
Report

 අමෙරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ පරීක්ෂණ ලිපිගොනු 13,173 අන්තර්ජාලයට  ඉතිහාසයේ පළමු වතාවට මුදාහැර තිබෙනවා.

  මේ සමඟ ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනුවලින් සියයට 97 මේ වන විට ප්‍රසිද්ධ කර ඇති බවයි ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.

  කෙසේවෙතත් මෙම ලිපිගොනු මුදාහැරීමෙන් ඝාතනය පිළිබඳ විශේෂ කරුණක් අනාවරණය වෙතැයි අපේක්ෂා කළ නොහැකි බවටයි එම වාර්තාවල දැක්වුණේ. එහෙත් කෙනඩිගේ ඝාතනය පිළිබඳ අධ්‍යනය කරන ඉතිහාසඥයින්ට මෙම ලිපිගොනු වැදගත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහෙත් ඝාතනයට අදාළ ලිපිගොනු 515 ක් මෙතෙක් මුදාහැර නැහැ. ඒවා ලබන වසරේ ජූනි මස 23 දක්වා ආරක්ෂා කර තබන බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ එම ලිපිගොනු නිදහස් කිරීමෙන් සිදුවන හානි වැළැක්වීමට බව පවසමින්. 

 එමෙන්ම තවත් ලිපිගොණු 2,545 ක් අර්ධ වශයෙන් මුදාහැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි 1963 නොවැම්බර් 22 වන දින අමෙරිකාවේ ටෙක්සාස් හි ඩලස් නගරයේ සිදුකළ සංචරකදී වෙඩි තබා ඝාතනය කෙරුණා.