පාස්කු සැකකරුගේ ඝාතනය ගැන පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන අරඹයි.

Sri Lanka Police Easter Attack Sri Lanka
By Wayomi Nov 30, 2022 07:28 AM GMT
Report

පාස්කු ප්‍රහාරයට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගැනුණු පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මොහොමඩ් පරහතම් නමැති පුද්ගලයෙකු වන අතර ඔහු පොලිස් භාරයෙන් නිදහස් කිරීමෙන් පසුව මෙලෙස කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙම විමර්ශන වලදී එම පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයන් සහ ඔවුන් ඝාතනය සඳහා පැමිණි වාහනය හඳුනාගැනීම සිදු කෙරෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයා 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජා-ඇළ පොලිසිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත් වූ අයකු බවත්, එහිදී පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කණ්ඩායම සතුව ඩෙටනේටර් 2ක්, ඇමෝනියා කිලෝ එකක්, ජෙලග්නයිට් කූරු 2ක් සහ යුද හමුදා නිල ඇඳුමට සමාන නිලඇඳුම් කට්ටල දෙකක් තිබී සොයාගත් බවත් පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නීතිපති උපදෙස් ලබාගෙන ඔවුනට එරෙහිව නඩු පවරා පස් දෙනාගෙන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කර තිබූ බවත්, ඔවුන්ට එරෙහිව නඩුව ඉදිරියට ගෙනයාමට තරම් සාක්කි නොතිබූ බවත් පොලිසිය සඳහන් කරනවා.

මියගිය පුද්ගලයා 28 වන දා දහවල් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පැමිණ තිබුණා.

පසුව නඩුවට සහභාගි වූ ඔහු ඔහු සිය මෝටර් රියේ නැගී නිවස බලා ගොස් යමින් සිටි අතර ඔහු ගිය කාර් රථය පිටුපසින් පැමිණි තවත් මොටෝරියක නැගි පුද්ගලයන් ඉදිරිපස කාර් රථය සාෆියා පටුමග දෙසට හරවනවාත් සමග එය හප්පවා ඇති බව සඳහන්.

එම අනතුර කුමක්දැයි බැලීමට ඉදිරිපස රථයේ ගිය පුද්ගලයා රථයෙන් බසිද්දීම ඔහුට තියුණු ආයුධවලින් පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW