අභිරහස් කල්ලියක් වත්තල හෝටලයකට පැන සිදු කළ මනුෂ්‍ය ඝාතනය. - (VIDEO)
Sri Lanka Police
Crime
Murder
By Wayomi
අද (29) පෙරවරුවේ වත්තල - ඇලකන්ද ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි සේනපර හෙට්ටිආරච්චි නමැති පුද්ගයෙක් වන අතර ඔහු යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයෙක් බවද සඳහන්.
ඔහු ඇලකන්ද ප්‍රදේශයේ හෝටලයක සුපර් වයිසර් කෙනෙක් ලෙස සේවය කර ඇති අතර එදින සේවයේ සිටින පුද්ගලයා අනතුරකට පත්වීම හේතුවෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයා සේවයට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් එදින රාත්‍රියේ, ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පස්දෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව බවට CCTV දර්ශන වල සටහන්ව ඇති බවයි ගගන වාර්තාකරු සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තල සහ කැලණි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.