තරුණියකගේ ජීවිතය බිලිගත් බිහිසුණු ඉරණම..

By Sithumi Apr 10, 2022 12:09 PM GMT
Report

පොළොන්නරුව - මැදිරිගිරිය අඹගස්වැව, යාය 11 ප්‍රදේශයේ දී 22 හැවිරිදි තරුණියක්ව ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ ඇගේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් පහර දී එම ඝාතනය සිදුකර ඇති බවය. 

 මොවුන් දෙදෙනාම මැදිරිගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතුව සිටි බව ඥාතීන් පවසයි. පසුගිය මාස කිහිපයේ මොවුන් තරුණියගේ නිවසේ ජීවත් ව සිට ඇති අතර පසුව තරුණයා නිවසින් පිටව ගොස් කොළඹ ප්‍රදේශයේ ජීවත්ව ඇත. අද (10) අලුයම 5ට පමණ එම තරුණයා, තරුණියගේ නිවස ට පැමිණ ඇති බවත් දෙදෙනා අතර ඇතිවු පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුකර ඇති බව පොලිසීය පවසයි.

මදුශිකා කුමාරි රත්නායක නැමැති මියගිය තරුණිය සිය මිත්තණිය සමග නිවසේ තනිවම ජීවත්ව සිටි බව ඇගේ නැන්දණිය පැවසීය. ඝාතනය සිදුකළ සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 තරුණයෙකි. ඔහු එම ප්‍රදේශයේ ළමා නිවාසයක හැදී වැඩුණු අයෙක් බවට වාර්තා වේ. සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් අඹගස්වැව ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ. මැදිරිගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now