කාන්තාවක් යතුරු පැදියක් පිටින් වල දමා දින ගණනාවකින් හමුවේ.. බිහිසුණු සිද්ධිය මෙන්න..

Crime Murder srilana
By Sithumi Apr 09, 2022 11:55 AM GMT
Report

දින ගණනාවක සිට අතුරුදන්ව සිටි කාන්තාවක් යතුරුපැදියත් සමග වළදමා තිබියදී සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පසුගිය 01 වනදා සිට අතුරුදන්ව සිටි බවට තොරතුරු ලැබුණු බවය.

යාපනය, මනියම්තෝටෙයි, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටියදී ඇය එලෙස අතුරුදන්වී තිබේ. 42 හැවිරිදි අදාළ කාන්තාව සම්බන්ධයෙන් පොලීසිය කළ විමර්ශනවලදී ඇයව ඝාතනය කර වළදමා ඇති බවට තොරතුරු හෙළිවීමෙන් පසු අදාළ සැකසහිත ස්ථානයේ කැණීම් කර තිබුණි. ඒ අනුව සිරුර සහ යතුරුපැදිය සොයා ගැනීමට පොලීසියට හැකිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන පොලිස් පරීක්ෂණ සිදු කෙරේ. අදාළ කාන්තාව මුදල් පොලියට දීමේ යෙදී සිටි තැනැත්තියක් වන අතර ඒ සම්බන්ධයෙන් ආරවුලකදී ඇයව ඝාතනය කර එලෙස වළදමා ඇති බවට අනාවරණය වී ඇත.

ඝාතනය කළ පුද්ගලයා විසින් ඔහුගේ නිවස පිටුපස ඇයව සහ යතුරුපැදිය එලෙස වළදමා තිබියදී පොලීසිය විසින් සොයා ගත්තේය. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එලෙස ඝාතනය කළ බවට කරුණු අනාවරණයවී ඇති සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් අයෙක්වය.