මවුපියන් දෙදෙනාටම ඉතා බිහිසුණු මරණයක් හිමි කළ පුතුගේ ආදරය..!

India Crime
By Sewvandhi Aug 20, 2023 11:49 AM GMT
Report

විදෙස් මාධ්‍ය විසින් ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සීතාපූර් ප්‍රදේශයේ වයෝවෘද්ධ යුවළක් ව පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් යකඩ පොලුවලින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා කරයි.

එනම් මෙලෙස ඝාතනයට ලක් වූ යුවළගේ පුත්‍රයා විසින් අසල්වැසි නිවසක තරුණියක්ව ඇයගේ දෙමාපියන්ගේ විරුද්ධත්වය තිබිය දී හොර රහසින් විවාහකර ගෙන ඇති අතර එයට පළිගැනීමක් වශයෙන් තරුණියගේ ඥාතීන් මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අබ්බාස් සහ ඔහුගේ බිරිඳ වූ කම්රුල් නිෂා යන අයයි.

පසුගිය සිකුරාදා දිනයේ මෙම ඝාතනය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු සීතාපූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ, අදාළ තරුණයා සහ තරුණිය අතර ප්‍රේම සම්බන්ධතාවය වසර කිහිපයකට පෙර සිටම පැවත ඇති අතර එම කාලයේ දී ද යම් යම් ගැටුම් ඇතිව තිබූ බවයි. මීට වසර කිහිපයකට පෙර මෙම තරුණයා සහ තරුණිය නිවසින් පළාගොස් ඇත.

ඒ වන විට ඇය බාලවයස්කාරිය වූ බැවින් පොලිසීය විසින් ඇයට අවවාද කර දෙමාපියන්ට භාර දී තරුණයාට වසර කිහිපයක සිරදඬුවමක් ලබා දී ඇත. මීට දින කිහිපයකට පෙර අබ්බාස්ගේ පුත්‍රයා බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ ඇති අතර ඉන් පසු මෙම තරුණියව විවාහකර ගෙන තිබේ.

එයට කෝප වූ තරුණියගේ ඥාතීන් විසින් තරුණයාගේ දෙමාපියන්ව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, තරුණයා මුස්ලිම් ජාතිකයෙක් වන අතර තරුණිය හින්දු ජාතිකයෙක් වන බවයි.