මෙරට මහාධිකරණයකින් සිව් දෙනෙකුට මරණ දඩුවම් නියම කෙරේ..

Sri Lanka Crime
By Sewvandhi Mar 01, 2023 06:17 PM GMT
Report

 කොළඹ මහාධිකරණය විසින්, තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරිමේ චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් සිව්දෙනකුට මරණ දඬුවම නියම කර තිබේ.

අද කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා විසින් කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනකුට මෙලෙස මරණ දඩුවම නියම කළ බව වාර්තාකරු සඳහන් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව මෙම ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර තිබේ.

2003 වසරේ ජුනි මස 07 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී අදාල සිදුවු අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් සිවු දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

මෙම නඩුවේ එක් විත්තිකරුවකු අධිකරණය මගහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වමින් විනිසුරුවරයා විසින් වරෙන්තුවක් නිකුත් කළ  බව වාර්තා වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now