රට වටෙන් වාර්තා වන අභිරහස් මරණ විස්තර මෙන්න

Polonnaruwa Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 04, 2022 09:18 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොළොන්නරුව ඇළහැර ප්‍රාදේශීය සභාවේ සේවය කරන නිලධාරියෙකුගේ මළ සිරුර බකමූණ ප්‍රදේශයේ වගා ළිඳක තිබියදී ඊයේ (03) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. මේ අතර බණ්ඩාරගම උයන්වත්ත වැවේ පාවෙමින් තිබියදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී තිබුණේ වැව් ඉවුරේ තිබී හමුවූ ඇඳුම් පැළඳුම් කිහිපයක් පිළිබඳව පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබූ පසුබිමකයි.

බණ්ඩාරගම, උයන්වත්ත වැවේ දියනෑමට පැමිණි තරුණ පිරිසක් විසින් ඊයේ පස්වරුවේ හිමිකරුවෙකු නොමැති ඇඳුම් පැළඳුම් කිහිපයක් දැක තිබෙනවා. ඒ පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කරනු ලැබුවා. කිසියම් පුද්ගලයකුගේ කලිසමක්, බඳපටියක්, කමිසයක්, රෙදි බෑගයක්, පාවහන් යුගලක් මෙන්ම හිස් මත්පැන් බෝතලයක්ද වැව් ඉවුරේ තිබී හමුවූ ද්‍රව්‍ය අතර වනවා.

ඔහුගේ කලිසම් සාක්කුවේ හෝ රෙදි බෑගය තුළ අනන්‍යතාව තහවුරු කර ගත හැකි කිසිදු ලියවිල්ලක් නොතිබුණු පසුබිමකයි පොලිස් විමර්ශන ආරම්භ කෙරුණේ. කෙසේ වෙතත් අද පෙරවරුවේ උයන්වත්ත වැව් ඉවුරේ එම ඇඳුම් පැළැදුම් සොයාගත් ස්ථානයට කිලෝ මීටරයක් පමණ දුරින් වැවේ අනික් කෙළවරට වන්නට නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත්තා. ඊයේ හමුවූ ඇඳුම් පැළඳුම්වල හිමිකරු මෙම මියගිය පුද්ගලයා බවට සැකකෙරෙන අතර පානදුර කොට්ටාස අපරාධ පරීක්‍ෂණාගාරයේ නිලධාරීන් විමර්ශණ සිදු කරනවා.

අනන්‍යතාවය තහවුර කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා පානදුර මූලික රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.\මේ අතර බකමූණ කෝට්ටපිටිය යාය 14 ප්‍රදේශයේ වගා ළිඳක පාවෙමින් තිබියදී ඊයේ පස්වරුවේ පුද්ගල මළ සිරුරක් සොයා ගත්තා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පොළොන්නරුව ඇළහැර ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් ලෙස සේවය කළ 37 හැවිරිදි එක් දරු පියෙක්.

රාජකාරි අවසන් කළ ඔහු යළි නොවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ඥාතීන් කළ සොයා බැලීමකදී වගා ළිඳේ පාවෙමින් තිබූ ඔහුගේ මළ සිරුර දැක ඇති අතර ඒ පිළිබඳව බකමූණ පොලීසිය දැනුවත් කර තිබෙනවා. වගා ළිඳේ කණ්ඩිය මත තිබි ඔහුගේ ජංගම දුරකථනය හා පාවහන් යුගලද පොලීසියට හමු වුණා. මේ සම්බන්ධයෙන් බකමූණ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW