අවාසනාවන්ත ලෙස තවත් කාන්තාවකට පහරදී ඝාතනය කරයි..

Sri Lanka Police Attempted Murder
By Aruna Sep 04, 2022 07:24 AM GMT
Report

ඊයේ (3) රාත්‍රියේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක් සිය නිවස අසලදී පුද්ගලයෙකු විසින් සිදුකළ පහරදීමකින් මියගොස් තිබෙනවා.

සැකකරු සහ නිවැසියන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ සම්බන්ධව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery