පෙම්වතිය බෙදාගන්න බැරිව පෙම්වතුන් අතර ගැටුමක්.. පෙම්වතිය ඉදිරිපිට පළමු පෙම්වතා ඝාතනය කළ හැටි මෙන්න.(VIDEO)

Police Accident Sri Lanka Murder case Kadawatha
By Aruna Jan 23, 2022 06:59 AM GMT
Report

වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය ඇතිවී තිබෙන අතර එහිදී ගෙල කැපීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.‍

පොලීසිය පැවසුවේ, ඊයේ (22) අලුයම කඩවත ප්‍රදේශයේ කුලී පදනම මත නැවතී සිටි කාමරයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුවී ඇති බවයි.

මියගොස් ඇත්තේ 20 හැවිරිදි ගෝනහේන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ල ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

බාලවයස්කාර දැරිය නැවතී සිට ඇත්තේ එම කුලී කාමරයේය.

එහිදී පළමු පෙම්වතා සමග ඇය සිටිනු දැකීමෙන් අදාළ තරුණයා එම මාරාන්තික ප්‍රහාරය එල්ල කළ බව පවසා තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචි රාජු මධුශංක නමැති තරුණයෙකි.

ඊයේ රාත්‍රියේ කඩවත ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී පළමු පෙම්වතාව දැකීමෙන් එම සම්බන්ධතාවය ඇය යළි ආරම්භ කර තිබෙන බවද වාර්තා වෙයි.

පසුව දෙදෙනාම ඇය නැවතී සිටි බෝඩිම වෙත පැමිණ තිබේ.

ඒ පිළිබඳව ආරංචිවීමෙන් පසු ඝාතනය සිදුකළ අදාළ තරුණයා ඇය නැවතී සිටි බෝඩිම වෙත අලුයම 3ට පමණ පැමිණ ඇත.

එහිදී සිද්ධිය දැක මෙම ප්‍රහාරය එල්ලකර තිබේ. බාලවයස්කාර දැරිය පරිවාස භාරයේ සිට ඉන් පැන ඇවිත් මෙලෙස කුලී කාමරයක නැවතී සිට ඇති බවද අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඝාතනය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලීසියට පාපෝච්චාරණය කර තිබේ.

කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now