විවාහ මංගල්‍යයකදී ගෙල මිරිකා මරා දැමූ අවාසනාවන්ත සිදුවීම මෙන්න.
විවාහ මංගල්‍ය උත්සවයකදී ඇතිවූ පවුලේ ආරවුලක් මත පුද්ගලයෙකුගේ ගෙල මිරිකා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.
ඒ තිස්සමහාරාමය, විරහෙල ප්‍රදේශයේදීයි.
විවාහ මංගල උත්සවයක් අතරතුර පවුලේ සාමාජිකයින් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මරණකරුගේ වැඩිමහල් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් ඊයේ (16) එම දියණියගේ පියාට පහරදී ගෙල මිරිකා එම ඝාතනය සිදුකර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, 54 හැවිරිදි පඩවිගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම ඝාතනය සිදුකරන ලද සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර පොල්පිතිගම මඩහපොලයාය, පොතුවිල ප්‍රදේශයේදී පිහිටි වගා ඉඩමකදී වායු තුවක්කුවකින් වෙඩිතබා පුද්ගයෙකුව ඝාතනය කර තිබෙනවා.
ඊයේ (16) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇත.
ඝාතනය සිදුකළ සැකකරු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙයි.
එම සැකකරු අදාළ ඝාතනයෙන් පසු වායු තුවක්කුවද රැගෙන යතුරුපැදියකින් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |