සභාපති හිමිගෙන් නොනවත්වා සෙරෙප්පු පහර කෑ උප සභාපති රෝහලේ..! සභාපති හිමිගෙන් හෙළිදරව්වක්

By Sewvandhi Nov 16, 2022 12:28 PM GMT
Report

බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අවසානයේ සභාපති කරගහවෙළ නන්දවිමල හිමි සිදු කළ බව කියන පහරදීමකින් උප සභාපති රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි.

බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුනිල් වසන්ත එදිරිසිංහ (ශ්‍රී.ල.නි පක්ෂය) මහතා සභාපති හිමිගේ පහරකෑමට ලක්වීමෙන් පසු බණ්ඩාරවෙළ රෝහළට ඇතුලත් වී නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති 16 දින සභාව නිමවී මන්ත්‍රිවරුන් පිටවී යද්දී සභාපති හිමි සෙරප්පුවකින් දිගට හරහට පහරදුන් බවත් එයින් රෝගී වුන බව කියමින් උප සභාපතිවරයා බණ්ඩාරවෙළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉන් පසුව රෝහල් ගතව ඇති බව බණ්ඩාරවෙළ පොලිස් අධිකාරි බී.එම්.එම් දසනායක මහතා පැවසීය.

සභාපති කරගහවෙළ නන්දවිමල හිමියෝ මෙසේ පැවසීය..

  "..උප සභාපති මට සභාව කරගෙන යන්න දෙන්නේ නෑ මම එයාට ගැහුවේ නෑ, බහින් බස්වීමක් වුනා විතරයි, බොරුවට රෝහලට ගිහින්,එයා සභාවේ දුෂණ වංචා සිදුවනවා කියලා ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයාට ලිපි යවලා, මම පොහොට්ටුවේ, එයා බුලත් කොළේ,එයාට ඔිනි වෙළා තියෙන්නේ සභාවේ බලය ගන්න එයත් එක්ක ඉන්නෙත් මන්ත්‍රිවරු දෙන්නයි.." (ලංකාදීප)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now