11 ක් එකතු කරගෙන මෛත්‍රී පිටියට බසියි... ඉදිරියෙදි ආණ්ඩු මාරුවක්..? (VIDEO)
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු යෝජනාවලියක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් ඊයේ (02) එළිදක්වා තිබුණි.
එම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මනිත්‍රීවරුන් 30කට වැඩි පිරිසක් සහභාගී වී සිටි අතර ඊට කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය අමාත්‍යවරු රැසක්ද එක්විය.
"මුළු රටම හරි මඟට" ජාතික ප්‍රකාශනය නමින් එය එළිදැක්වුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන පක්ෂ 11 විසින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.
එම අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වූ අවස්ථාව පහතින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |