ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ගෙනා යෝජනාවලිය මෙන්න..
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු යෝජනාවලියක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් අද (02) එළිදක්වා තිබුණි.
එම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මනිත්‍රීවරුන් 30කට වැඩි පිරිසක් සහභාගී වී සිටි අතර ඊට කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය අමාත්‍යවරු රැසක්ද එක්විය.
"මුළු රටම හරි මඟට" ජාතික ප්‍රකාශනය නමින් එය එළිදැක්වුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන පක්ෂ 11 විසින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 30 දෙනාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය.
විදේශ විනිමය සංචිත වර්ධනය කිරීම, පුහුණු ශ්‍රමිකයින් සහ වෘත්තිකයින් යොදාගනිමින් විදේශීය රැකියා වෙළෙඳපොළ ආක්‍රමණය කිරීම, සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම නැවත ස්ථානගත කිරීමට අදාළ යෝජනා එහි ඇතුළත්ය.
එමෙන්ම විදුලි අර්බුදය විසඳීම සඳහා දීර්ඝකාලීන යෝජනා ඒ අතර වෙයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, වසර තුනක් සඳහා පමණක් පොහොර සහනාධාරය මුදලින් ගෙවීම සහ එම කාලය තුළ රාජ්‍ය පොහොර සමාගම්වල මැදිහත්වීමෙන් පොහොර ආනයනය කිරීමට ද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යෝජනා කර ඇත.
නිව්ෆෝට්‍රස් ගනුදෙනුව වහා අත්හිටුවීම සහ ඒ පිළිබඳ නැවත සමාලෝචනය ද මෙම යෝජනාවලියට ඇතුළත්ය. මේ අතර විජය ධරණී ජාතික සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සභාව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණ සිටි අපේ ජන බල පක්ෂයේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගෙන් විරෝධයක් එල්ලවී තිබුණි.
මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය මෙතනින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |