එකපාරටම ඇති වුණ හෘදයාබාධයකින් ප්‍රබල දේශපාලකයෙක් දිවි කතරට සමු දෙයි.. (PHOTOS)
හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් 60 හැවිරිදි ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහුජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු වූ මුක්තාර් අන්සාරි මියගොස් තිබෙනවා.
ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1990 ගණන්වල Banaras හින්දු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස වේ.
ඔහු මෙලෙස මියගොස් ඇත්තේ පුද්ගල ඝාතන කිහිපයක් සම්බන්ධව වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටිය දී ය.
ඒ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
90 දශකයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලියකට නායකත්වය දෙමින් කප්පම් ගැනීම් සහ පැහැරගෙන යෑම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදු කර ඇති බව වාර්තා වේ.
පසුව ඔහු දේශපාලනයට පිවිස තිබෙනවා.
ඔහුගේ පුතු චෝදනා කළේ මුක්තාර් අන්සාරිට හෘදයාබාධයක් වැලඳීම සඳහා වස මිශ්‍ර ආහාර ලබා දී ඇති බවයි.
තමාට වස මිශ්‍ර ආහාර ලබාදීම හේතුවෙන් ස්නායු වේදනාවකින් පීඩා විඳින බව මිය යෑමට දින 10කට පෙර මුක්තාර් අන්සාරි අධිකරණයක පෙනී සිටි අවස්ථාවේ ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අන්සාරිගේ මරණයෙන් පසු බොහෝ විපක්ෂ නායකයින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ය.