ප්‍රසිද්ධ සුපිරි වෙළදසැලෙන් ඇදුම් සොරාගත් මන්ත්‍ත්‍රීවරියට සිදුවූ දේ..CCTV වලින් දැකීමත් සමග ඇය සිදුකළ කවුරුත් නොසිතූ දේ - (VIDEO)

New Zealand Crime
By Sewvandhi Jan 16, 2024 01:28 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍යය විසින්, සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලාඅස්වීමේ පුවතක් වාර්තා කර තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ නවසීලන්තයෙන්. මේ අතර එරට පොලිස් බලධාරීන් පවසා තිබෙන්නේ,  අදාළ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි.

මෙලෙස සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලාඅස්වී ඇත්තේ Golriz Ghahraman නම් මන්ත්‍රීවරියක්. ඇය එරට Green Party හි සාමාජිකාවකි. මෙලෙස චෝදනා එල්ලවී ඇති Golriz Ghahraman නම් මන්ත්‍රීවරිය තමන් අතින් වරදක් වූ බවට පිළිගෙන ඇත.

ඉරාන ජාතික කාන්තාවක් වන ඇය 2017 වර්ෂයේදී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත්වී තිබුණේ එරට මන්ත්‍රීධුරයකට පත්වූ පළමු සරණාගතයා ලෙසටය.

ඕක්ලන්ඩ් හි වෙළෙඳසැලකින් වටිනා අත්බෑගයක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් පිටවීමත් සමගම ඇය සිය ධුරයෙන් මෙලෙස ඉල්ලා අස්වී තිබේ.

Sponsored By Sarrita Jewellery

ප්‍රසිද්ධ සුපිරි වෙළදසැලෙන් ඇදුම් සොරාගත් මන්ත්‍ත්‍රීවරියට සිදුවූ දේ..CCTV වලින් දැකීමත් සමග ඇය සිදුකළ කවුරුත් නොසිතූ දේ - (VIDEO) | Mp Golriz Ghahraman Cloth Robbery