මනුෂ්‍ය ඝාතනයට යොදාගත් සැකකාර රථය STF භාරයට..
Sri Lanka Police
STF
By Sewvandhi
මෝදර ප්‍රදේශයේදී පසුගිය දා සිදුකළ මනුෂ්‍ය ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.
මෝදර පොලිස් වසමේ මෝදර වීදිය ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වැටලීමකදී එම යතුරුපැදිය සොයාගෙන තිබේ.
එම යතුරුපැදිය මෝදර පොලිස් වසමේදී පසුගිය 06 වනදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයට යොදාගත් යතුරුපැදිය බවට පොලීසිය සැක කරයි.
ඉදිරිපස අංක තහඩු රහිත සහ පසුපස ව්‍යාජ අංක තහඩුවක් සවිකර තිබූ කළු පැහැති අදාළ යතුරුපැදිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
කෙසේවෙතත් අදාළ වැටලීමේදී කිසිඳු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |