රථ වාහන භාවිතා කරන, කරන්න ඉන්න හැමෝම මේ ගැන දැනුවත් වන්න..විශේෂ දැනුම්දීමක්..

Businessman Department of Motor Vehicles Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka
By Aruna Mar 27, 2024 12:18 AM GMT
Report

විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබාදී තිබෙන පහසුකම යටතේ ආනයනය කෙරෙන වාහනයේ වටිනාකමින් සියයට දහයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගෙවා තෙවැනි පාර්ශවයකට පැවරීමට පහසුකම් සලසා තිබෙනවා.

ආනයනය කෙරෙන වාහනය තෙවැනි පාර්ශවයකට පැවරීම මින් පෙර තහනම්ව තිබුණා.

එහෙත් එම තහනම යටතේ වුවද තෙවැනි පාර්ශවයකට වාහන පැවරීම දිගින් දිගටම සිදු වන හෙයින් කැබිනට් තීරණයක්ද ගෙන ඉහත පහසුකම සැලසීමට පියවර ගනු ලැබ ඇත.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගිනි.

මේ අතර, පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා වන විට මෙම පහසුකම යටතේ වාහන 298ක් ආනයනය කර තිබේ. ඉන් 129ක්ම ආනයනය කර ඇත්තේ පවතින නීතීරීති උල්ලංඝනය කරමින් බවයි අනාවරණය වී ඇත්තේ.

මේ බව අනාවරණය වී තිබෙන්නේ, පාර්ලිමේන්තුවේ පසුගියදා පැවති මුදල් කාරක සභාවේදී බවයි පැවසෙන්නේ.

මෙම වාහන 129 ආනයනය කිරීමේදී ආනයන බලපත්‍රය වෙනත් කෙනකුට පැවරීම හෝ විකිණීම, ආනයනික වාහනය තුන්වැනි පාර්ශවයකට විකිණීම වැනි පවතින නීතිරීති උල්ලංඝනය කිරීම් දක්නට ලැබුණු බව මෙම කාරක සභාවට රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීහු දැනුම් දී ඇත.

විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ආනයන පහසුකම ලබා දුන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරටට එවා තිබූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මතය.

එම ප්‍රමාණයන් මත වාහන ආනයනය සඳහා ණයවර නිකුත් කිරීමේ කාලය ලබන ජුනි මස අවසානය තෙක් දීර්ඝ කර තිබේ.