වෙඩි වැදුණු ‘බැකෝ සමන්’ගේ මව මරුට

Crime Gun Shooting Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 12, 2026 02:28 PM GMT
Report

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇය රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු අපරාධ කල්ලියක් පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න හෙවත් ‘බැකෝ සමන්’ ද එම පිරිස අතර සිටි බව සඳහන් වේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධියට අදාළ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.