හිතුවෙවත් නෑ නේද? 225 නියෝජනය කළ අය අතරින් වඩාත් ක්‍රියාකාරීම තරුණ මන්ත්‍රීවරුන් වුණේ මේ අය..
පසුගිය පාර්ලිමේන්තුව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ දුර්වල පාර්ලිමේන්තුවක් ලෙසින්. එමෙන්ම මෙරට බොහෝ පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් පිළිබදව ඇත්තේ නූගත් දූෂිත යන අදහසයි.
නමුත් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ අය අතරින් නැවත පාර්ලිමේන්තුවට යැවීමට සුදුසුවන්නේ කව්රුන්ද යන්න බොහෝ දෙනෙකු සතුව ඇත්තේ ගැටලුවකි.
කෙසේ වුවද පැවති පාර්ලිමේන්තුව තුළ වඩාත් ක්‍රියාකාරීම පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් කව්රුන්ද යන්න පිළිබදව manthri.lk වෙබ් අඩවිය එළි දක්වා තිබෙනවා.
ඒ අනුව 225 නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතරින් වයස අවුරුදු 40 ට අඩු ක්‍රියාකාරීම මන්ත්‍රීවරුන් එම වෙබ් අඩවිය එළිදක්වා තිබෙනවා.
1. ප්‍රේම්නාත් සී දොලවත්ත
එම වාර්තාවට අදාලව ප්‍රථම ස්ථානය හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ප්‍රේම්නාත් සී දොලවත්ත මහතාටයි. ඔහු පාර්ලිමේන්තුව තුළ තරුණ දේශපාලන නියෝජනය සහ සමරිසි අයිතීන් වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාද ඉදිරිපත් කර තිබුණා.
2. කංචන විජේසේකර පැවති ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස සිටි කංචන විජේසේකර මහතාට එහි දෙවන ස්ථානය හිමිව තිබෙනවා. පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියා. හිටපු බලශක්ති හා ඉන්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර අමාත්‍යවරයා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළා.
මේ වන විට ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන්ද ඔහු සැලකියයුතු කාර්‍යභාර්‍යක් ඉටු කළා.
ඊට අමතරට
3. ශානික්‍යම් රාසමානික්‍යම්
4. එස් එම් එම් මුශාර්ෆ්
5. ඉම්‍රාන් මහරුෆ්




