ප්‍රහාරයක් නිසා ගුවන්තොටුපළක් වසා දමයි..!

By Sewvandhi Jul 30, 2023 10:51 AM GMT
Report

රුසියාවේ මොස්කව්හි ගුවන්තොටුපළකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ව්නුකොවො ගුවන්තොටුපළ වසා දමා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, මොස්කව් නගරයට නිරිත දෙසින් පිහිටි මෙම ගුවන්තොටුපළට පැමිණෙන යානා ද වෙනත් ගුවන්තොටුපළකට හරවා යවා ඇති බවයි.

එමෙන්ම නගර මධ්‍යයේ බටහිර ඔඩින්ට්සෝවෝ දිස්ත්‍රික්කයේ ඉහළින් ඩ්‍රෝන යානයකට වෙඩි තබා බිම හෙලා ඇති අතර, තවත් දෙකක් අක්‍රිය කළ බවයි රුසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.

යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර 500 ක් දුරින් පිහිටි මොස්කව් නගරය පිහිටා ඇති අතර, ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාව යුක්රේනයට එල්ල කළ චෝදනාවලට යුක්රේන බලධාරින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.