ෆ්‍රෙඩී නිසා සුසාන භූමියක සිරුරු හැම තැනම යයි - මහජන සෞඛ්‍යයටත් තර්ජනයක්..
By krishani
මොසැම්බිකාවේ අගනුවර වන මාපුටෝ අසල උම්බෙලූසි ගං ඉවුරේ පිහිටි සුසාන භූමියක ඇති සිරුරු ගංවතුරට හසුව එම ප්‍රදේශය පුරා පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගනුවරට කිලෝමීටර් 25ක් පමණ නිරිත දෙසින් සහ ඉන් ඔබ්බෙහි පිහිටි බොආන් දිස්ත්‍රික්කයේ බොහෝ අසල්වැසි ප්‍රදේශ ගංවතුරට හසුව ඇත.
ගංවතුරින් බලපෑමට ලක් වූ සුසාන භූමිය දශක තුනකට වඩා පැරණි වන අතර හඳුනා නොගත් සොහොන් රාශියක් ද ඇත.
ෆ්‍රෙඩී නිවර්තන කලාපීය සුළි කුණාටුව පසුගිය සිකුරාදා (24) එරටට ළඟා වී ඇති අතර එමගින් එම කලාපය පුරා විශාල ගංවතුරක් ඇති විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |