දෙවියන් තෑගි කළ විෂ්මිත දීර්ඝායුෂ ශාකය - ඇහුවොත් ඔබ පුදුම වෙන, සෑම ගෙවත්තකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනම මුරුංගා.. ලෙඩ රෝග රැසකට දිව ඔසුවක්..
මුරුංගා දීර්ඝායුෂ ශාකය ලෙස හදුන්වන්නේ ඇයි දැයි ඔබ මොහොතක් සිතුව ද?
දීර්ඝායුෂ ශාකය ලෙස හදුන්වනු ලබන මුරුංගා කරල්වල රස ගුණ නොදන්නා කෙනෙකු නොමැති තරම් ය.
දිවයිනේ වියළි කලාපයේ සරුවට බහුලව වැඩෙන මුරුංගා අපට නුහුරු නුපුරුදු ආහාරයක් නොවේ.
බහුවිධ සෞඛ්‍ය ලබාදෙන ශාකයක් වන මුරුංගා ඔබට රෝග රැසකටම දිව ඔසුවක් මෙන්ම ප‍්‍රතිශක්තිකරණය වඩවන ආහාරයක් ලෙස හදුන්වා දිය හැකිය.
ශ‍්‍රී ලංකාවේ වියළි කලාපයේ සහ විශේෂයෙන් යාපනය ප‍්‍රදේශයේ දමිළ වැසියන්ගේ ප‍්‍රධාන ආහාරයක් මෙන්ම අතරමැදි කලාපවල අති බහුලව කෘෂි රසායනයකින් තොරව වැවෙන මුරුංගා The miracal
tree-never died ලෙස හැදින්වෙනවා.
නමුත් මුරුංගා කොළවල ඇති විස්මිත ගුණ දන්න අයනම් අඩු ඇති.ඉස්සන්ගේ කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් මුරුංගා කොළ දානවා ඇරෙන්න,ඉදහිට කලවම් පලා මැල්ලුමකට දානවා ඇරෙන්න ඉන් එහාට ඒ ගැන අවබෝධයක් වැඩි දෙනෙකුට නොමැති තරම් ය.
මුරුංගා කොළ පිළිබඳව පර්යේෂණයක් කළ කණ්ඩායමක් සොයාගත් දේ ගැන ඔබ ඇසුවොත් පුදුම වනවා නිසැකයි.
එනම්, වසර 4000ක් තිස්සේ මුරුංගා කොළ ආහාරයක් මෙන්ම බෙහෙතක් ලෙස යොදාගෙන තිබෙනවා.
කැල්සියම්,පොටෑසියම්,කැරොටීන්,විටමින් වර්ග මෙන්ම නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථයන්වලිනුත් ප්‍රතිඔක්සිකාරකවලිනුත් මුරුංගා කොළ සමන්විත වේ.
එනම් මුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක්.කැල්සියම් බහුල ප්‍රභවයක් වන අතර එහි විටමින් සහ ඛනිජ ලවණ ගණනාවක් අඩංගු වේ.
මුරුංගා වල අඩංගු කැල්සියම් ප්‍රමාණය ගැන කතා කරන විට,
? මුරුංගා කොළ ග්‍රෑම් 100 ක් කිරි වලට වඩා 17 ගුණයක්
? නිවිති වලට වඩා 25 ගුණයක්
? යකඩ බීටා කැරොටින් අන්තර්ගතය කැරට් මෙන් 10 ගුණයක්
ඊට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන්, සින්ක්, විටමින් ඒ, සී, ඊ සහ බී සංකීර්ණ විටමින් වැනි ඛනිජ වලින් ද එය පොහොසත් ය.
මුරුංගා විසින් කොලෙස්ටරෝල් අඩු කරයි.බොහෝ නිදන්ගත හෘදයාබාධ ඇති වීමට හේතුව අධි රුධිර කොලෙස්ටරෝල් වන අතර සමහර ඒවා ජීවිතයට තර්ජනයක් විය හැකිය.
මුරුංගා මෙහි පැමිණෙන්නේ දෙවියෙකු ලෙස ය.හාවන් පිළිබඳ සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණවලට අනුව, එය කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීමට මහගු දායකත්වයක් ලබා දෙන බව සොයා ගෙන තිබේ.
එමෙන්ම මුරුංගා දියවැඩියා රෝග ලක්ෂණ කිහිපයක් අඩු කිරීමට උපකාරී වේ.මුරුංගා මගින් ලිපිඩ හා ග්ලූකෝස් මට්ටම අඩු කළ හැකි අතර දියවැඩියා රෝගීන්ගේ ඔක්සිකාරක ආතතිය නියාමනය කළ හැකිය.
මේ අනුව, එය රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් අඩු කරන අතර සෛල හානිවලින් ආරක්ෂා කරයි.
ඉහත සදහන් ප්‍රතිපල වලට අමතරව මෙවැනි ගුණද මුරුංග වල පවතී,
? ඉක්මනින් තුවාල සුව කර ගැනීමට උපකාරි වේ.
? ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගනිමට උපකරී වේ.
? කිරි දෙන මව්වරුන්ගේ මව්කිරි වැඩි කරයි.
කිසිම රසායනික පොහොරක් නැතිව වැවෙන මුරුංගා ශාකයේ කොළ සැබැවින්ම පෝෂණ වාසි රැසක් ඉටු කරලා දෙන බහුකාර්‍ය ආහාරයකී.
ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාෂක ගුණයෙන් සමන්විතයි.ඇස් පෙනීම වර්ධනය කරන අතර කුඩා දරුවන්ගේ හා ගැබිණි මව්වරුන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ද ලබා දෙයි.එය මුලින්ම දරුවන්ට ඝන ආහාර ලබා දීමේ දී එකතු කළ හැකි ආහාරයකී.
මුරුංගා කොළ පිළිකා නාශක ආහාරයක් ද වේ.උදරයේ ගැස්ට්‍රයිටීස් නිසා සෑදෙන තුවාලවලින් හට ගන්නා පිළිකා,සමේ මෙලනින්වලින් ඇති කරන සෙයිලවල පිළිකා මෙන්ම අක්මා හා පෙනහලු පිළිකාවලට ද වැට බදියි.
එසේම සිරුරේ සීනි මට්ටම,කොලෙස්ටරෝල්, හදවත් රෝග මෙන්ම රැධිර පීඩන මට්ටම ද පාලනය කරයි.
අස්ථි දත් ශක්තිමත් කරන අතර එමගින් වියපත් වන විට ඇති විය හැකි ඔස්ටියෝපොරෝසියස් වැනි රෝග තත්ත්වයන් වළක්වයි. ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට සහය වන අතර සිරුරේ බර ද පාලනය කරයි.
එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාවයන් ද වළක්වයි. යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිස කෙස් වවන මුරුංගා කොළ සමත් නීරෝගි කර දෙයි.
තුවාල,ගෙඩි,සමේ ආසාදන වළක්වමින් මුහුණේ ඇති වන වියපත් රැළි ද වළක්වාලයි.එමගින් වයසෙන් ආපස්සට එන පෙනුමක් ලබා දෙයි.
එපමණක් නොව මුරුංගා කොළ මගින් මානසික සුවතාවය ද ලබා දෙයි.මුරුංගා කොළ මැල්ලුමක්,ව්‍යංජනයක්,බැදුමක් ලෙස ආහාරයට ගත හැකිය.අමු කොළ යුෂ ලෙස ද පානය කළ හැකිය.කොළ මද පවනේ වියළා කුඩු කර තේ පානයක් ලෙස ද යොදා ගත හැකිය.
- අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි. -