ජනතාව නගරාධිපතිවරයකුගේ නිවස වටලයි - නිවසට ගල්මුල් ප්‍රහාර..

Sri Lanka protest Moratuwa Sman Lala
By Sewvandhi Apr 01, 2022 01:01 PM GMT
Report

මොරටුව නගරාධිපති, සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවස අසළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ, විරෝධතාකරුවන් පිරිසක් නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට රැස්වී විරෝධතාවක් දියත් කිරීමට සැරසීමත් සමග යි.

මේ අතර, එම විරෝධතාකරුවන් අතර සිටි පිරිසක් විසින් මොරටුව නගරාධිපතිවරයාගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු පසුගිය දිනවල රජය මගින් දියත් කළ, දීප් ව්‍යාප්ත කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන තුළදී දේශපාලන දැන හැදිනුම්කම් මත කොවිඩ් එන්නත ලබා දීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක් වූ පුද්ගලයෙක්.

එමෙන්ම, අද මොරටුව නගරයේදී වඩු කාර්මිකයින් විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය තුළදී ත් ඔහුට බරපතල ලෙස චෝදනා එල්ල කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now