නවතා තිබූ යතුරුපැදියේ සිටි 28 හැවිරිදි පොලිස් කොස්තාපල්ට මරු කැදවූ ඇගහිරි වැටෙන අනතුර..(CCTV VIDEO)

Sri Lanka Police Sri Lanka Accident
By Sewvandhi Jun 26, 2022 08:43 AM GMT
Report

මාර්ගය මධ්‍යයේ නතර වී තිබු යතුරුපැදියක, ටිපර් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තිබේ. මොරගහහේන ප්‍රධාන මාර්ගයේ කොට්ටාව දෙස සිට මොරගහහේන දෙසට පැමිණෙමින් සිටිය දී හදිසියේ ඇති වු දෝෂයක් හේතුවෙන් යතුරුපැදිය මාර්ගයේ නතර වී ඇත.

එම අවස්ථාවේ දී මොරගහහේන සිට කොට්ටාව දෙසට පැමිණි වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් යතුරුපැදියේ ගැටී එම අනතුර සිදුව තිබේ. යතුරුපැදිකරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමේන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පාර්ලිමේන්තු විශේෂ ආරක්ෂක රාජකාරී කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පානම ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. ලොරි රථයේ රියදුරු මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (26) දිනයේ හොරණ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now