එක් පුද්ගලයෙකුට මාසික වියදම සඳහා අවශ්‍ය අවම මුදල - වියදම වැඩිම සහ අඩුම දිස්ත්‍රික්ක මෙන්න..

Sri Lanka
By Sewvandhi Dec 15, 2022 08:34 AM GMT
Report

ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම ප්‍රකාශයට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු.13,810කි.

එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රු. 13,772ක් ලෙසටය. දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර එම අගය රු.14,894කි.

එම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා අඩුම පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ වන අතර එය රු.13,204කි.

පෙර මාසයට සාපේක්ෂව 2022 ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now