හැමෝටම අමාරු මේ කාලේ මුදල් ඉතිරි කරගන්න ලොව ධනවතුන් භාවිතකළ රහස්.. මේ දේවල් කරලා බලන්න..

Economy of Sri Lanka Money Sri Lanka Banks
By Sithumini Jun 28, 2024 02:32 PM GMT
Report

මුදල් කියන්නේ අද වෙද්දි අපිට නැතුවම බැරි දෙයක් ඒවගේම මේ වෙද්දි ලංකාවේ අපිටනම් මුදල් ඉතිරි කරගන්න එක හීනයක්ම වෙලානේ තියන්නේ. ඒ නිසාම තමයි පුවත් අපි අද ඔබට මේ ලිපිය අරගෙන එද්දි.

අංක එක තමයි එදිනෙදා වියදම්වලදි මුදල් ඉතිරි කරගැනීම. මේ ක්‍රමයෙදි ඔයාට කරන්න තියන්නේ ඔයා එදිනෙදා වැඩවලට වියදම් කරලා ගෙදර ආවම ඔයාගේ පර්ස් එකේ ඉතුරු වෙන මුදල් වලින් කොටසක් ඉතුරු කරන එක උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකෝ. ඔයා ගේ පර්ස් එකේ ඔයා ගෙදර ඇවිත් බලද්දි රුපියල් 3740 තියනවා. ඉතින් ඔයාට පුලුවන් මේකෙන් 740 ඉතුරු කරන්න. එහෙම නැත්නම් 40 හරි කමක් නෑ. ඊට පස්සේ ඔයා මේ ඉතුරු කරන ගාන වෙනම පර්ස් එකකට දාන්න. ඒ වගේම ඒක පොතක ලියන්න.

ඉතින් මේ විදියට යනකොට දන්නෙම නැතුව ඔයාගේ මාසේ අන්තිමට ඔයාට ගානක් ඉතුරු වෙලා.

දෙවැනි කාරණය තමයි ඔයාගේ වියදම් පොතක ලියන්න මේක තමයි ඔයාට මුදල් ඉතුරු කරගන්න තියන හොදම ක්‍රමය ලොව පුර ධනවතුන් භාවිත කළ ක්‍රමයක් තමයි මේක. ඔයාගේ එදිනෙදා වියදම් පොතක ලියන්න එතකොට ඔයාට හැකියාව තියනවා ඔයාගේ විය්දම් අදුනගන්න සහ අනවශ්‍ය වියදම් කපා හරින්න.

ඒ වගේම එතකොට ඔයාට ඉතුරු කරන්න යම් ගානක් ඉතුරු කරහන්න පුලුවන්. මොකද ඔයාට එතකොට ඔයාට අධිකව වියදම් වෙන දේවල් හදුනගෙන ඒවට විකල්ප භාවිත කරන්න පුළුවන්.

3වෙනි කාරණය තමයි. කාඩ් පේමන්ට් කරන එක. මුදල් ඉතුරු කරගන්න නම් ඔයා කරන්න ඕනි දෙයක් තමයි කාඩ් පේමන්ට් කරන එක නවත්වන එක. මොකද මේ කාඩ් පේමන්ට් කරන එකෙන් ඔයාට නොදැනුවත්වම ඔයාගේ මුදල් වියදම් වෙනවා. ඔයාගේ අත්‍යවශ්‍ය වියදම්වලට පමණක් ඔයාගෙ වියදමට සරිලන මුදල් ඔබේ අතේ තියාගෙන ගානට වියදම් කරන එක තමයො හොදම දේ.

මීලග කාරණය තමයි ඔයාගේ ආදායම 4කට බෙදාගෙන ඉන් එක් කොටසක් ඉතුරු කරන්න. මේ ක්‍රමයෙනුත් ඔබට යමක් ඉතුරු කරගන්න හැකියාව තියනවා.

මීළග කාරණය තමයි ඔබ යමකට වියදම් කරද්දි සෑම විටම ඒ දේ ඔබට අත්‍යවශ්‍යමද කියලා හිතලා බලන්න.දෙයක් මිලදි ගන්න පෙර එය අත්‍යවශ්‍යමද කියලා හොයලා බලන්න. එතකොටත් ඔබගෙන් වියදම් වීමට ඉඩ ඇති අනවශ්‍ය වියදම් කපා හරින්න ඔබට පුළුවන්.

ස්ථාවර තැම්පතුවල මුදල් තැම්පත් කරන්න. ඔබට කොතරම් මුදල් තිබුණත් ඔබ සැම විටම කුමන හෝ අවශ්‍යතාවයකට මුදල් භාවිත කරනවනම් ඔයාට පුලුවන් ස්ථාවර තැම්පතුවල මුදල් ආයෝජනය කරන්න.

ඒ වගේම මුදල් ඉතුරු කරන්න හැමෝටම එකම ක්‍රමයක් ගැලපෙන්නේ නෑ. මොකද එක එක්කෙනාගේ අවශ්‍යතා සහ ආදායම් වෙනස් නිසා ඒ නිසා ඔයා ඔයාගේ විදියට ඔයාට ආවේණික ක්‍රමයක් මුදල් ඉතුරු කිරීමට භාවිත කරන්න.

හැමෝටම අමාරු මේ කාලේ කීයක් හරිම ඉතුරු කරගන්නවනම් ඔයාට මුදල් හදිස්සියකදි හෝ යම් අවශ්‍යතාවයකදි බයක් නැතුව ඉන්න පුලුවන්. ඒ නිසා ඉහත දේ ක්‍රම භාවිත කරලා බලන්න.