මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත විශේෂ බහුතරයෙන් සම්මතයි

Parliament of Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 09, 2026 12:35 PM GMT
Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී තිබේ.

කථානායකවරයා සභාවට දැනුම් දුන්නේ, පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබී ඇති අතර, ඊට විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 2ක් පමණක් බවයි.

ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන ඇත.