මෙරටදී කූට ලෙස මුදල් වංචා කළ ඉන්දියානුවා අල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ 03කට අධික මුදලක් වංචා කළ බවට සැකපිට ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සදහන් කළේ, විදෙස්ගතවීමට උත්සාහ කළ එම සැකකරු කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇති බවය.
එනම්, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා සැකකරු විසින් පුද්ගලයෙකුගෙන් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 678ක මුදලක් ලබාගෙන තිබු බව සඳහන්ය.
පොලීසිය පැවසුවේ, අදාළ නිවස ලබානොදී සාපරධී විශ්වාසය කඩ කළ බවට සැකකාර ඉන්දීය ජාතිකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී තිබු බවය.
ඒ අනුව, සිදුකළ විමර්ශනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් 65 හැවිරිදි සැකකාර ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.