මුදල් සොයන පුද්ගලයා අල්ලයි...
කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස අසල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කර කාන්තා ඇසුරු සඳහා මුදල් වැය කළ පුද්ගලයෙකු දෙමටගොඩ පොලීසිය අත්අඩංගුවට තිබෙනවා.
සැකකරු මාස 8 ක් තුළ රුපියල් කෝටියක් පමණ වටිනා තීරෝද රථ 21 ක් සොරා ගෙන තිබූ බව පොලිසිය පවසනවා.
එම තීරෝද රථ වලින් හයක් සහ ඉතිරි තීරෝද රථ වල සියලු කොටස් පොලීසිය මගින් මේ වන විට සොයාගෙන ඇති අතර වැල්ලම්පිටියෙන් සොරාගත් තීරෝද රථයක් කිරිබත්ගොඩ ප්‍රදේශයට අඩු මුදලට විකිණීම සඳහා පුද්ගලයකු පැමිණ සිටින බවට ඔත්තුකරුවකු හරහා දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ලද රහසිගත තොරතුරු කොට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් වැල අනාවරණය වූ බව පොලිසිය පවසනවා
සැකකරු විසින් වැල්ලම්පිටිය, දෙමටගොඩ, මිහිජය සෙවන, මට්ටක්කුලිය, ආදී ප්‍රදේශවල මහල් නිවාස පාමුල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන හංවැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඒවායේ පාට වෙනස් කර සහ කොටස් කර විවිධ පුද්ගලයන් වෙත මුහුණු පොත හරහා අලෙවි කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
චැසි සහ එන්ජින් අංක වෙනස් කර එහි ලියා පදිංචි සහතිකය නැති වූ බව පවසමින් සහ වාරික ගෙවීමට අපහසු බව පවසමින් මෙම තීරෝද රථ අඩු මුදලට විකුණා ඇතැයි පොලීසිය පවනවා.