මොකක්ද මේ ඒ ගමන මෝදි කරන්න යන්නේ?.
Narendra Modi
India
Ukraine
Latest Headlines
By krishani
ලබන මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය මෝදි තුන්වැනි වරටත් බලයට පත්වූ අවස්ථාවේදී යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ඔහුට සුබ පතමින් තම රටට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබෙනවා.
එමෙන්ම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ඉතාලියේ පැවති ජී හත සමුළුව අතරතුර දී ද මුණ ගැසීණ.
පසුගිය මාර්තු මාසයේ දී ද යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කිට දුරකථනයෙන් අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඕනෑම සාම ප්‍රයත්නයකට දායක වීමට සූදානම් බවයි.
කෙසේ වෙතත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට පෙර රුසියාවේ ද සංචාරයක නිරත විය.