ඉදිරි මාස තුන ඉතාමත්ම තීරණාත්මකයි..! වෛද්‍ය සංගමයෙන් දැඩි අනතුරු ඇගවීමක්..!

Sri Lanka GMOA economic crisis medecine shortage
By Sewvandhi Apr 09, 2022 03:07 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

ඖෂධ සහ උපකරණ වල හිඟය හේතුවෙන් ඉදිරි මාස 3 ඉතා අභියෝගාත්මක කාලවකවානුවක් වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි ශෛල්‍යකර්ම පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර,මීට පෙර ගැසට් පත්‍රයේ පළ නොකරන ලද අත්‍යවශ්‍ය නොවන ඖෂධ නිෂ්පාදනවල මිල ගණන් ද ඊයේ (08) සිට බලපැවැත්වෙන පරිදි සියයට විස්සක උපරිමයකින් ඉහළ නැංවීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

රුපියල අවප්‍රමාණවීම සැළකිල්ලට ගෙන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි මෙම තීරණයට එළඹි බවයි ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.   

මෙම මිල ඉහළ නැංවීම පසුගිය මාර්තු 11 වනදා ඖෂධවල මිල සංශෝධනයට අමතරව සිදුකළ හැකි බවයි ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙත ලිපියක් යොමු කරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now