ඔබ විශ්මයට පත්කරන අලුත්ම Headset එකක් හදුන්වා දෙයි..ලොවම උඩු යටිකුරු කරන අමුතුම අත්දැකීමක්(VIDEO/PHOTOS).

Apple Sri Lanka Institute of Information Technology Smart Phones
By Aruna Jun 06, 2023 03:07 AM GMT
Report

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙසින් Apple Vision Pro නම් නව Augmented Reality මත ධාවනය වන mixed reality headset එකක් එලිදැක්වීම සිදු කෙරුණා.

Apple සමාගම එහිදී ප්‍රකාශ කර සිටියේ මේ හරහා අපගේ වටපිටාව සමඟින් digital අත්දැකීමක් විඳගැනීමට හැකියාව ලැබෙන බවයි.

මේ නව තාක්ෂණය Apple සමාගම විසින් Spatial Computing යන නමින් හදුන්වා ඇත.

නව Vision Pro ඔබගේ ඇස්, අත් චලන සහ කට හඬින් පාලනය කිරීමේ හැකියාව පවතී.

ඇඟිලි දෙකක් එකට tap කිරීමෙන් select කිරීමටද, flick කිරීමෙන් scroll කිරීමට හැකිවීම එහි එක් විශේෂ අංගයකි.

මෙහි ඇති සුවිශේෂීම විශේෂාංගයක් වන්නේ, ඔබ ඉදිරියට කවුරුන් හෝ පැමිණියහොත් ඒ හරහා ඔබට ඔවුන්වද පෙනීමයි.

එමෙන්ම Vision Pro එක හරහා ඔබගේ ඇස් ඔවුන්ට බලා ගැනීමටද හැකියාව ලැබෙනවා. නමුත් ඔබගේ දර්ශන පථයට ඒ හරහා බාධාවන් සිදුනොවීමද විශේෂත්වයක්.

Vision Pro, Mac පරිගණක සමඟින් wireless ආකාරයට කටයුතු කරනු ලබන අතර Mac පරිගණකයේ උපාංගද මේ headset එක සමඟ කටයුතු කරනු ලබනවා.

මෙම headset එක M2 chip එකකින් සහ ඒ සඳහාම නිපදවූ R1 නම් ව න custom media co-processor එකකින් බල ගැන්වෙනවා.

Vision Pro සතුව spatial photos සහ videos capture කිරීමේ හැකියාව පවතින අතර ඊට අමතරව හොදින් එළිය ඇති කාමරයක පවා අදුරු theater එකක් simulate කිරීමේ හැකියාව මේ සතුව පැවතීමද විශේෂත්වයක්.

M2 සහ R1 සමඟින් Vision Pro බලගැන්වෙන ආකාර ය මෙහි ඇති තවත් සුවිශේ ෂී විශේෂාංගයක් වන්නේ උපැස් යුවලයන් පළදින අයට පවා සහය දක්වන ආකාරයේ පහසුකමක් එකතු කර තිබීමයි.

Apple සමාගම පවසන ආකාරයට Vision Pro සඳහා වෙනම කාච සවි කිරීමේ හැකියාව පවතී.

වෙනම කාච සවි කිරීමේ හැකියා ව බැටරියෙන් ක්‍රියාකරන විට උපරිම පැය දෙකකට ආසන්න කාලයක් මෙම Vision Pro එක ක්‍රියාත්මක කල හැකි අතර නොකඩවා විදුලිය සපයන විට මුළු දිනය පුරා භාවිතා කිරීමේ හැකියාව පැවතීමද විශේෂත්වයක්.

Vision Proහි තිරය microLED භාවිතා කර නිපදවා ඇති අතර එහි පික්සල් මිලියන 23කින් යුතු පැනල් දෙකක් සමන්විත වනවා.

එය 4K TV එකක ඇති pixel ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගන්නා බව Apple සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Vision Pro බලගැන්වෙන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන visionOS විසිනි.

මේ වන විටත් Microsoft සහ Zoomහි යෙදවුම් සියල්ලම visionOS සඳහා සහය දක්වන ආකාරයට ප්‍රතිනිර්මාණය කර ඇති අතර ලක්ෂ ගණනක් වන iPad සහ MacOS යෙදවුම් ස්වයංක්‍රීයවම visionOS සඳහා සහය දක්වන බව Apple සමාගම ප්‍රකාශ කර සිටී.

visionOS සඳහා යෙදවුම් සහය දක්වන ආකාර ය Apple සමාගම විසින් මේ වන තෙක් හදුන්වාදුන් ඔවුන්ගේ ආරක්ෂිත ක්‍රම වේදයන් වන TouchID සහ FaceID වෙත නවතම සාමාජිකයෙක් එකතු කරමින් Vision Pro වෙත OpticID නම් වන නව biometric ආරක්ෂිත ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලැබුවා.

එය ක්‍රියාත්මක වන්නේ ඇස සමඟිනි. OpticID අවසානයට Apple සමාගම විසින් Vision Pro හි මිල නිවේදනය කරනු ලැබූ අතර එය ඇමරිකානු ඩොලර් 3,499ක් ලෙසින් සටහන් වුනා.

Vision Pro නිකුත් කිරීම ලබන වසරේ මුලදී සිදු කරන බව Apple සමාගම නිවේදනය කරනු ලැබුවා.

ඔයාල හැමෝටම Vision Pro ගැන වැඩි විස්තර දැන ගන්න නම් මේ වෙබ් අඩවියට පිවිසෙන්න.

www.apple.com/apple-vision-pro website



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery