සැකකරු පසුපස හඹාගිය පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවු තැන..

Sri Lanka Police Colombo Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 24, 2023 12:01 PM GMT
Report

ඇළකට පැන පළායෑමට උත්සාහ කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී තිබේ.

එම සිරුර හමුව ඇත්තේ, මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ දීය.

සැකකරු පසුපස හඹාගිය පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවු තැන.. | Missing Police Constable Body Found In Sedavatta

ජාඇළ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ඇළකට පැන පළායාමට තැත්කර තිබූ අතර ඔහුව අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද එම ඇළ⁣ට පැන තිබුණි.අතුරුදන්ව සිටියේ එම නිලධාරීන් අතරින් එක් අයෙකි.